ඔයාලා දන්නවා ඇති මේ වෙන විට සිංහල
භාෂාව ටයිප් කරන්න පුලුවන් Tools සැහෙන ප්‍රමාණයක් තියනවා. යුනිකෝඩ්
එසැණින් පරිවර්තකය (Real Time Unicode Converter), Online Sinhala Unicode
Keyboard, Singreesi Unicode, Google Transliteration (දැන් Google Input
Tool), පැන්සල... කියන්නේ ඔය අතරින් වැඩියෙන්ම භාවිතා වෙන ටූල් ටිකක්.
ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා මේ අතරින් ලේසියෙන්ම භාවිතා කරන්න
පුලුවන් Singreesi Unicode කියන පොඩි සොෆ්ට්වෙයාර් එක ගැන.
» අනිත් Tools අතරින් Singreesi Unicode එක වෙනස් වෙන්නේ කොහොමද?
මම කලින් සදහන් කරපු අනිත් tools සහ මේ
Singreesi Unicode එක අතර ඇති ලොකුම වෙනස්කම තමයි, Internet නැති අයට වුනත්
මේ සිංග්‍රීසි මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන් වීම. ඒ වගේම මේ මෘදුකාංගයේ
අතුරු මුහුණත ඉතාම සරල පෙනුමක් ගන්නවා.
» මෘදුකාංගය භාවිතා කිරීමට පෙර දැනගෙන සිටිය යුතු කරුණු
✶ මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පෙර Sinhala/Tamil Unicode KIT එක install කරගන්න කියලා මම මුලින්ම ඔයාලට කියන්න කැමතියි.
✶ ඊලගට ඔයාලා Windows XP භාවිතා
කරනවනම් .NET Framework 2.0 හෝ අලුතෙන්ම පැමිණි සංස්කරණයක් (version එකක්)
ස්ථාපිත (install) කරගන්න ඕනේ. මේක ඔයාලට Microsoft ලගේ ප්‍රධාන වෙබ්
අඩවියෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්.
.NET Framework 2.0
✶ දැන් ඔයාලට මේ මෘදුකාංගය කිසිම
දෝශයකින් තොරව භාවිතා කරන්න පුලුවන්. (මේක පොඩි ටූල් එකක් නිසා install
කරන්න දෙයක් නෑ. නිකම්ම portable වගේ පාවිච්චි කරන්නයි තියෙන්නේ.)
පහල රූපයෙන් දැක්වෙන්නේ මේ මෘදුකාංගයේ අතුරු මුහුණතයි.
Name : | Singreesi Unicode |
Version : | 1.8.0.0 |
Programmed by : | Thameera Senanayaka |
මෘදුකාංගය මෙතනින් ලබාගන්න.
http://www.mediafire.com/file/25cz19ad5b35705/SGB-Singreesi_1_8.zip
දැන් උඩින් ලබාගත්ත Zip file එක right click කරලා Extract කරගන්න. එතකොට Singreesi_1_8
කියලා folder එකක් අලුතෙන් ඔයාලට දැකගන්න පුලුවන්. ඒ folder එක ඇතුලේ තියන
Singreesi_1_8.exe කියන file එක දෙපාරක් ක්ලික් කරලා open කරගන්න.
» මෘදුකාංගය භාවිතයෙන් නිවැරදිව සිංහල අකුරු Type කරන හැටි
මේ මෘදුකාංගය විවෘත කරගත්තට පස්සේ File →
Open (Ctrl+O) මගින්, කලින් Extract කරගත් Singreesi_1_8 කියන folder එක
ඇතුලේ තියන Song1, Song2, Song3, Song4... කියන text file ටික open කරගන්න.
එතකොට ඔයාලට සාමාන්‍ය දැනීමක් ලබාගන්න පුලුවන් මේ මෘදුකාංගයෙන් කොහොමද
සිංහල අකුරු type කරන්නේ කියලා. සරලව කියනවනම් අපි SMS ගහනවා වගේ තමයි
ටයිප් කරන්න තියෙන්නේ. නමුත් සමහර අකුරු තියනවා වෙනස් විදිහට ටයිප් කරන්න
වෙන. ඒ ගැන ඔයාලට කලින් සදහන් කරපු folder එකේම තියන Singreesi_1_8_Help
කියන pdf file එක කියවලා තේරුම් ගන්න පුලුවන්.
NOTE: PDF file කියවන්න Adobe Reader වැනි pdf file reader එකක් අවශ්‍ය වෙනවා.
මේ මෘදුකාංගය සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රශ්ණ කීපයක් සමහරු comments මගින් අහලා තිබුනා. ඉතින් මේ ලිපිය කියවන අනිත් අයට දැනගන්නත් එක්ක මම ඒවා ගැන මෙතන සදහන් කරන්නම්.
✚ FAQ
මේ මෘදුකාංගය භාවිතා කරන ගොඩක් අයට ඇතිවෙච්ච ප්‍රශ්ණයක් තමයි සමහර අකුරු ටයිප් කරන්න තේරෙන්නේ නැතිකම. එහෙම ටයිප් කරන්න අමාරු අකුරු කීපයක් පහලින් මම ටයිප් කරන හැටි කියලා දීලා තියනවා.
- මහාප්‍රාණ සිංහල අකුරු සදහා කැපිටල් අකුරු භාවිතා කරන්න.
- බැදි අකුරු වෙන් කරන්න "\" යතුර භාවිතා කරන්න.
- යංසය ලියන්න කැපිටල් "Y" අකුර ටයිප් කරන්න.
- සිංහල වචන අතර ඉංග්‍රීසි වචන ටයිප් කරන්න "|"යොදාගන්න.
ක්ර | ක්ර | ඤ | ඥ |
kra | k\ra | knna | gnna |
ඳ | ඎ | වෛද්‍ය | විද්‍යාව |
nndha | iruu | vaidhaY | widhaYaawa |
Use කරන්න | |||
|Use| karanna |
Q1: මේකෙන් ටයිප් කරලා තියන ලිපියක් Sinhala Unicode නැති Computer එකකින් බලන්න බැරිද?
A1: බෑ. අනිවාරයෙන්ම Sinhala/Tamil Unicode KIT එක install කරන්න ඕනේ.
Q2: Windows XP වල error එකක් එන්නේ ඇයි?
A2: ඔයාලා Windows
XP නම් භාවිතා කරන්නේ අනිවාරයෙන්ම .NET Framework 2.0 එක හරි ඊට පස්සේ ආපු
සංස්කරණයක් හරි install කරගන්න ඕනේ. එතකොට මෙහෙම error එකක් එන්නේ නෑ.
Q3: Photoshop මෘදුකාංගයේ මේ අකුරු පෙන්නන්නේ නැත්තේ ඇයි?
A3: Photoshop
මෘදුකාංගයේ, සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න බැහැ. නමුත් මම පහල කියලා
දෙන විදියට ඔයාලට ලේසියෙන්ම ෆොටෝෂොප් වල සිංහල අකුරු ටයිප් කරගන්න පුලුවන්.
- මුලින්ම ඔයාලට අවශ්‍ය දේ Singreesi මෘදුකාංගය මගින් ටයිප් කරගන්න.
- ඊලගට Real Time Unicode Converter වෙබ් අඩවියට පිවිසෙන්න. (හේතුව : යුනිකෝඩ් එසැණින් පරිවර්තකය මගින් අපි මේ ටයිප් කරපු යුනිකෝඩ් ෆොන්ට් එක ඉංග්‍රීසි ෆොන්ට් එකකට පරිවර්තනය කරගන්න අවශ්‍ය වෙනවා.)
- ඔයාලා ටයිප් කරගත්ත කොටස copy කරලා මේ වෙබ් අඩවියේ තියන Unicode (යුනිකෝඩ්) කියන තැනට පහලින් paste කරන්න.
- දැන් එතනම පහල කොටුවේ අපි යුනිකෝඩ් වලින් ටයිප් කරපු දේවල් ඉංග්‍රීසි ෆොන්ට් එකකට පරිවර්තනය වෙනවා.
- ඒ ඉංග්‍රීසි අකුරු ටික ඔක්කොම select කරලා copy කරගන්න. (මේ වෙබ් අඩවියේ තියෙන copy කියන බොත්තම සමහර වෙලාවට නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලගේ keyboard එකේ Ctrl+A මගින් ඔක්කොම select කරලා Ctrl+C මගින් copy කරගන්න.)
- ඊලගට photoshop මෘදුකාංගයට ගිහින් මේ ටික ඔයාලට අවශ්‍ය තැන paste කරගන්න. මතක ඇතුවම ෆොන්ට් එක විදිහට ඔයාලා දැනට install කරලා තියන සිංහල ෆොන්ට් එකක් තෝරන්න.
උදා -: FMAbhaya, FMDerana, FMMalithi....